සමලිංගිකත්වය, මේක කොහොමද ඇතිවෙන්නේ? මේක අනිවාර්යෙන්ම ඔයාලගේ හිතේ ඇතිවුණ ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.
ඔය
අස්සේ සමහරු හිතනවා, අනේ මම මොන කරුමෙකට මෙහෙම උනාද? කියලා. එහෙම නේද?
ඉතින් අද අපි බලමු මේ ගැන තියන ආසන්නම විද්‍යාත්මක පැහැදිලිකිරීම මොකක්ද
කියලා.
මොනවද මේ ගැන තියන විද්‍යාත්මක පැහැදිලි කිරීම්? ඇත්තම කියන්න
එක එක විද්‍යාත්මක පැහැදිලි කිරීම් තියනවා ඒ ඔක්කොම ගැන කිව්වොත් වෙන
මොකුත් කතා කරන්න බැරිවේවි. හැබැයි එක දෙයක් ගැන කියන්න ඕන. ඒ තමයි gay
gene. සමලිංගිකත්වය පාලනය කරන ජානයක් තියනවා කියල කාලයක් විද්‍යාඥයෝ අතර
මතභේද ඇති උනා. එකට උත්තර හොයන්න ගිහින් තමයි මේ epigenetics කේස් එක
හොයාගත්තේ.
කව්ද මේක හොයාගන්න මුල්වුණේ? ඒ තමයි මහාචාර්ය විලියම්
රයිස් ( කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය, සැන්ටා බාර්බරා, ඇමෙරිකාව ) සහ
මහාචාර්ය අර්බන් ෆ්රයිබර්ග් (උප්සලා විශ්වවිද්‍යාලය, ස්වීඩනය). මොනවද
මෙයාලා කියන්නේ? මේ ගොල්ලෝ කියනවා සමලිංගිකත්වය ජානමය පාලනයකින් තොරයි
කියල. එහෙනම්? ඒක වෙන්නේ කොහොමද? ඒ epigenetics ලු.
මොකක්ද
අප්පේ epigenetics කියන්නේ? ජාන ප්‍රකාශනය ( DNA expression ) වලදී ඒකට
බලපෑම් කරනවා විවිධ බාහිර පරිසර සාධක. සරලවම කිව්වොත් අන්න එකට තමයි
epigenetics කියන්නේ. සමලිංගිකත්වය ගැන කතා කරනකොට මොඅක්ද මේ බාහිර පරිසරය?
විද්‍යාඥයෝ කියන්නේ ඒ තමයි අම්මගේ ගර්භාෂය කියල.
ඉතින් මේ විද්‍යාඥ
මාමලා කියන්නේ, සමලිංගිකත්වය පැහැදිලිකරන්න කරන්න පුළුවන්ලු අපි-ලකුණු
(Epi-marks) පැවතීමෙන් කියල. මොනවද epi-marks කියන්නේ? ඒකියන්නේ
ගර්භසමයේදී හා ඉපදුනු ගමන් වගේ අපේ ජාන ප්‍රකාශනය පාලනය කරන තාවකාලික ස්විච
වර්ගයක්. විශේෂයෙන්ම මෙයාල හොයාගෙන තියනවා ලිංග-විශේෂිත අපි-ලකුණු
වර්ගයක්. ඒවා තාත්තාගෙන් දුවටත්, අම්මගෙන් පුතාටත් සම්ප්‍රේෂණය වෙනවලු.
සාමාන්‍යයෙන් අපි-ලකුණු පාරම්පරිකව සම්ප්‍රේෂණය වෙන දෙයක් නෙවි. නමුත්
මෙන්න මේ විශේෂිත අපි-ලකුණු විශේෂය ප්‍රවේණිගත වෙමින් සමලිංගිකත්වය
පරම්පරාවෙන් පරම්පරාවට පෙන්නුම් කරනවා.
මෙන්න
මේ අපිජනක යාන්ත්‍රණය අපේ DNA සමඟ බැඳී පවතින එකතුකළ තොරතුරු පටලයක්
විදියට දකින්න පුළුවන්. අපි-ලකුණු මඟින් බාහිර සලකුණුවල ශක්තිමත් බවට අනුව
ජාන ප්‍රකාශනය පාලනය කෙරෙනවා. සරලවම කිව්වොත් ජාන කියන්නේ උපදෙස්
පත්‍රිකාවක් නම්, අපි-ලකුණු තමයි ඒ උපදෙස් වලට අනුව යායුතු මාර්ගය
පෙන්වන්නේ. උදාහරණයක් හැටියට එයාලට පුළුවන් නිගමනය කරන්න ජාන කොහේ? කොයි
වෙලාවේ? කොච්චරක්? ප්‍රකාශනය වෙන්න ඕනෙද කියල.
තවදුරටත් කිවොතින්,
අපි-ලකුණු සාමාන්‍යයෙන් හැම පරම්පරාවක්ම රූරමින් නිපදවෙනවා. නමුත් මේ අලුත්
සොයාගැනීම පෙන්වල දෙන්නේ, ඒවා සමහරවෙලාවට දෙමව්පියන්ගෙන් දරුවන්ට
සම්ප්‍රේෂණය වෙනවා කියලයි. මෙම සංසිද්ධිය ඥාතීන් අතර හුවමාරුව ජාන පැවතීම
වගේ දෙයක් හඟවනවා.
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment