Mountain View

සම්මුඛ පරීක්‍ෂණයකදී...



තරුණයෙකු ලෙස ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ රැකියාවක් සඳහා වන සම්මුඛ පරීක්‍ෂණයකට මුහුණදීමට ඔබට​ සිදුවනවා නොඅනුමානය​. ඒ අවස්ථාවේදී ඔබ සතුව සහතිකපත් එකතුවක් තිබුනද සැලකියයුතු අධ්‍යාපන සුදුසුකම් වලින් ඔබ සම්පූර්ණ වුවද ඇඳුම පැළඳුම සම්මුඛ පරීක්‍ෂණයකට සරිලන අයුරින් තෝරා ගැණුනද ඔබ අතින්  නොදැනුවත්වම හෝ පහතින් ගොණු කෙරෙන අත් වැරදීමක් සිදුවන්නේ නම් නොවැරදීම ඔබේ අවස්ථාව අහිමිවන​ බව​ මතකයේ තබාගන්න​.
  • ප්‍රමාදවී නොපැමිණෙන්න​. සම්මුඛ පරීක්‍ෂණය සඳහා ඔබට ලබා දෙන වේලාවට එම ස්ථානයට ළඟා වීමට ඔබගේ කාලය කළමනාකරණය කර ගන්න​.නිවසේ සිට සම්මුඛ පරීක්‍ෂණය වෙත යන අතරතුරදී යම් හෙයකින් වාහන තදබද, දුම්රිය  හෝ බස් රථ ධාවන ගැටළු ආදියටද මුහුණ දීමට සිදුවීමේ අවකාශයක් ඇති නිසාවෙන්, ප්‍රමාදයකින් තොරව නිරවුල් මනසින් එම ස්ථානයට ළඟා වීමට සැලසුම් කර ගන්න​.

  • ඔබේ නොසන්සුන්භාවය නොපෙන්වන්න​.  සම්මුඛ පරීක්‍ෂණය සඳහා මුහුණ දෙන මොහොතේදී එම මේසය ඇති දේවල් වරින් වර අල්ලමින්, ඔබේ කර පටිය, ඇඳුම පැළඳුම් සකස් කරමින් නොසන්සුන්භාවය නොපෙන්වන්න​.ඇඳුම පැළඳුම, හිස කෙස් තිබෙන ආකාරය පිළිබඳ යම් සැකයක් තිබේනම් සම්මුඛ පරීක්‍ෂණයට පෙර කණ්ණාඩියක් ඉදිරියට ගොස් විශ්වාසය ගොඩනගා ගන්න​.

  • නිවැරදිව හා පැහැදිළිව හඬ පවත්වා ගන්න. යමක් මුමුණන ස්වරූපයෙන් හෝ අසාමාන්‍ය වේගයෙන් හෝ නැතිනම් ඉතා ඉහළ හඬකින් කතාකිරීමෙන් වළකින්න​. ඔබේ හඬෙහි නිරවුල්භාවය පවත්වා ගැනීම ඔබ කෙරෙහි යහපත් ආකල්පයක් ඇති කරලීමට වැදගත්‍ ය​.

  • සමීප මිතුරෙකු හා කතාබහ කරන ආකාරය සම්මුඛ පරීක්‍ෂණයකට ආදේශ නොකරන්න​. එමෙන්ම ඔබ ඇබ්බැහි වී තිබුන  Chewing Gum භාවිතය ද කිසිසේත්ම නොකල යුතු බව හිතේ තබාගන්න​.

  • සම්මුඛ පරීක්‍ෂණය සිදුවන අතරතුර ඔබට සුළු විරාමයක් ලැබුනේ නම් මේසයට හිස තබාගෙන සිටීම​, නිතර ඔරලෝසුව දෙස බැලීම නොකල යුතු බව මතකයේ තබාගන්න​.

  • ඔබගේ පසුගිය වාර්ථා සැඟවීමට උත්සාහ ගැනීම​, පවතින සුදුසුකම් අතිශෝක්තියෙන් දැක්වීම​, පුරසාරම් දෙඩවීම හෝ ඔබෙන් අසන පැනයන්ට කෝප ගැනීම නොකරන්න​.

  • සම්මුඛ පරීක්‍ෂණය මෙහෙයවන තැනැත්තාට ඔහුගේ හෝ ඇයගේ මුල් නමින් ඇමතීම කිසිසේත් නොකරන්න.​ සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණි ආයතනයේ ස්වභාවය පිළිබඳ ඔබේ නොදැනුවත්භාවය දැනෙන්නට ඉඩ නොතබන්න​. කල් තියා ආයතනය පිළිබඳ තොරතුරු සොයා බලා දැනුවත්වීමට මතකයේ තබාගන්න​.

  • ඔබ නිදිමතේ සිටින බවක් පෙනෙන්නට ඉඩ නොතබන්න​. සම්මුඛ පරීක්‍ෂණයට පෙරදින වේලාසනින් නින්දට ගොස් ප්‍රබෝධමත්ව අවදිවන්න​.

  • සම්මුඛ පරීක්‍ෂණය සිදුවන අතරතුර සුදුසු වේලාව පැමිණෙන තෙක් වැටුප පිළිබඳ විමසීමට ඉක්මන් නොවන්න​.

  • යම් හෙයකින් ඔබගේ සම්මුඛ පරීක්‍ෂණය පවතිනුයේ ආහාර වේලක් අතරතුර නම්, Spaghetti ඇණවුම් නොකිරීමට වගබලාගන්න​.

  • ඔබගේ සෘණාත්මක​, උදාසීන ආකල්ප දැනෙන්නට ඉඩ නොතබන්න​. ධනාත්මකව සහ ප්‍රබෝධමත්ව සම්මුඛ පරීක්‍ෂණය අවසන් වන තෙක් රැඳී සිටින්න​.

  • තමන් ගේ සුදුසුකම්, පෙනුම හෝ තමන් සතුව ඉහළ තනතුරු වල සිටින්නන් සමඟ පවතින සබඳතා ආදිය හේතුවෙන් උඩඟු නොවන්න​.

  • සම්මුඛ පරීක්‍ෂණය පුරාම මිත්‍රශීලී වන්න​. විවෘව වන්න​. නමුත් එහි සීමාව වටහා ගන්න​. මන් ද​, සම්මුඛ පරීක්‍ෂණය මෙහෙයවන තැනැත්තා ඔබගේ මිතුරෙකු නොවේ.
  • බිම බලාගෙන කතා කිරීම​, ඔළුව කැසීම​, ව්‍යාජ ලෙස සිනාසීම වැනි ඔබ පිළිබඳ සෘණාත්මක හැඟීම් ඇතිකරන අංගචලනයන් නොපෙන්වීමට වගබලාගන්න​.

  • ආයතනයක සරල හා සාමන්‍ය කටයුතු කිරීමට ඔබ සතු හැකියාව අවශ්‍ය ප්‍රමාණයට වඩා අවධාරණය කිරීමෙන් වළකින්න​.

  • ඔබගේ දුරකථනය නොවරදවාම ක්‍රියා විරහිත කොට තබාගන්න​.

  • පෑනක් රැගෙන යාමට මතක තබා ගන්න​.

  • ඔබේ අත්ලට දහඩිය දමන්නේ නම් ලේන්සුවක් ලඟා තබා ගන්න​. යමෙකුට අතට අත දෙන සෑම අවස්ථාවකදීම අත්ල වියලිව තබා ගන්න​.

  • ඔබ අදාල රැකියාවට තෝරා නොගැනුන ද සම්මුඛ පරීක්‍ෂණයට සහභාගීවීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූති කොට එම ස්ථානයෙන් සමුගන්න​.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment