Mountain View

කොහොමද අපි වෙන්වීම දරාගන්නේ?

අද අපි කථාකරන්න යන්නේ බොහොම සුලභ සිද්ධියකට මුහුණ දෙන ආකාරය ගැන​. ආදර සම්බන්ධතාවයක් එහෙම නැත්නම් love affair කොච්චර හොඳ විදියට හෝ නරකවිදියට තිබුණත් ඒක නැතිවෙනව කියන එක දරාගන්න ලේසි පහසුදෙයක් නෙවි. කෙනෙක්ගෙන් වෙන්වෙලා ඉන්න එක අමාරුයි. මේක තවත් දරුණුවෙන්නේ මේ වගේ වෙලාවට අපි අපි ගැනම හරියට හොයල බලලා වෙන හානිය අවම කරගත්තේ නැතිනම්. මේ වගේ වෙලාවට හිතහදාගන්න super glue, quick set jelly වගේ ඉක්මන් ප්‍රතිකර්ම නැතිවුණත් හිත රිදීම අවම කරගන්න දේවල් ඇතිතරම්. හදවතින්ම ආදරේ කලත් මේ වගේ වෙලාවට නම් බුද්ධිමත්ව වැඩකරන්න ඕන කියලයි මගේ හැඟීම​.

අපි මුලින්ම බලමු මේ වගේ වෙලාවක සිංහලෙන්ම කිව්වොත් බූට් එකක් කෑවවෙලාවක අපිට දැනෙන පොදු හැඟීම් මොනවද කියලා. 





ප්‍රතික්‍ෂේපිතභාවය ​- සබඳතාවයක් ඉවරයි කියන එක විශ්වාසකරන්න අමාරුදෙයක්. ලෝකෙටම ඔයාව එපාවෙලා කියල දැනෙන්න පුළුවන්.

තරහව ​- ඔයාගේ ලෝකය අස්ථාවරවීම ගැන​.

භය ​- අපේ හැඟීම් වල එක එක මට්ටම් ඔබව බයකරනවා. අපිට බය හිතෙනවා නැවත ආදරය කරන්න බැරිවෙවි කියල​.

ස්වයංදෝෂාරෝපණය ​- ඔබ ඔබටම සිද්ධවුණදේ ගැන චෝදනාකරන්න පුළුවන්. අපි සමහර සිද්ධි නැවත නැවත සිහිකරමින් මම මෙහෙම කලා නම්, මම මෙහෙම කලා නම් කියල තමන්ටම කියා ගන්නවා.

දුක ​- මේ ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. අපේ අයියල හොඳටම දන්න වැඩේ නේ.

ලජ්ජාව ​- අපි ලජ්ජාවෙනවා අවසානය ගැන​. කාටවත් රිදවන්න කාගෙවත් අවශ්‍යතාවයක් නැහැ නේ.

අවිනිශ්චිතභාවය - අනාගතය ගැන​.

බලාපොරොත්තු - ඔයා බලාපොරොත්තුවෙනවා මේ වෙන්වීම තාවකාලිකයි, ඉක්මනටම එයා මගේ ලඟටම ඒවි කියලා.

නිදහස්වීම - අපි හිතනවා මේ වේදනාව​, මේ අරගල, මේ හිස්බව ඉක්මනටම නැතිවෙලා යාවි කියලා. 

හැමදේකම ඉගෙනගන්න පාඩමක් තියනවා. නමුත් ඇත්තටම ඒක තේරුම්ගන්න අමාරුයි ඔයා ඉන්නේ ලොකු වේදනාවක් මැද්දෙ නම්. නමුත් තේරුම් ගන්න ඕන එක දෙයක් තියනවා. ජීවිතය ගලායනවා, සතුට සහ සැනසීම හැමදේකම තියනවා, නමුත් ඒ ඔබ ඒ සඳහා සූදානම් නම් විතරයි. කණ්ණාඩියක් දිහා බලන්න​. දැක්කද ඒ ඉන්න කෙනාව​? එයා තමයි මේ හැමදේකම මුල්තැන ගන්න කෙනාකියන එක මතක තියාගන්න​. මිනිස්සු අපේ ජීවිතවලට යනවා, එනවා. නමුත් ඒ අතර ඔබ් ඔබවම සොයාගතයුතුවෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි වෙන්වීම දරාගන්නේ කියලා.

1. ඇඬුවට කමක් නැහැ
අඬන්න ඉඩදෙන්න​. වේදනාව දැනෙනවා කියන්නේ මානුෂීය හැඟීම් තියනවා කියන එකනේ. එහෙම නැතුව කඳුළු හිරකරගෙන ඔයාගෙ දුක වැඩිවෙන්න දුන්නොත් ඒක තරහවක්, තමන්ට තමන් අප්‍රියවීමක් දක්වා දුරදිග යන්න පුළුවන්. කවදාවත් තමන් ගැන කණගාටුවෙන්න එපා.

2. සමාවදෙන්න​
පසුතැවීම ලෝකෙ තියන නරකම දෙයක්. ඔබේ සමීපතමයෙක් හැටියට ඔහු ඔබේ ආත්මයටම බලපෑම් කරල තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඇදවැටීම්වලට ලක්වෙන්නත් පුළුවන්. ඒ නිසා සමාවදෙන එක ලේසි වැඩක් නෙවී, නමුත් එහෙම කරන්න උත්සාහකරන්න​.

3. ඔහුගේ මතකයන් ඈත්කරන්න​
මතකයන් ගොඩාක් බලවත්. සමහරවිට පුංචි දේකින් ලොකු මතකයන් ගොඩාක් අවුස්සන්න පුළුවන්. මතකයන් ඔබව දුකටපත්කර දුර්වල කරනවා. ඊට පස්සේ ඒක තරහව දක්වා දුරදිග යනවා. ඊට පස්සේ දවසම අවුලෙන් තමයි. ඔයාට එයාව සම්පූර්ණයෙන්ම අමතක කරන්න බැහැ තමයි. නමුත් මතකයන් ඔබට අවශ්‍ය ආකාරයට පාලනයකරන්න දැනගෙන ඉන්න​.

 

 4. අළුත් පුරුදු ඇතිකරගන්න​.
ඔබේ පෙම්වතා කාලයක් තිස්සේ ඔබේ ප්‍රධානම පුරුද්ද වෙලාතියෙන්න ඇති. කෙටි පණිවිඩ​, දුරකථන සංවාද​, විනෝදගමන්, කෑම වේල් වගේ ඔහු හා බැඳුනු පුරුදු ගොඩාක් තියෙන්න පුළුවන්. ඔයා අළුත් පුරුදු ඇතිකරගන්න ඉක්මනට පරණා පුරුදු අතහරින්න පුළුවන්. පර්‍යේෂකයන් නම් කියන්නෙ ඒකට දවස් 28ක් යනව කියලයි.

5. සතුට සහ විනෝදය සොයායන්න​
සිනහව හොඳම ප්‍රතිකර්මයයි. ඒක පටන් ගන්න කොට ටිකක් අමාරුයි. නමුත් ඔබව සුවපත් කරන්න ඒක ගොඩක් උදව් වේවි.


6. යාළුවොත් එක්ක ඉන්න​.

උපකාරශීලී මිතුරන් හැමවෙලාවකම ඔබව යහපත් තත්වයට පත්කරනවා. ඔවුන් ඔබ තනිනැහැ කියන එක මතක් කරනවා විතරක් නෙවි, ලෝකයේ තව කොච්චර අවස්ථා තියනවද කියන එක ඔබට තේරුම්කරල දෙනවා. ආදරේ ලෝකේ හැමතැනම තියනවා.


7. ඔබව නැවත ලෝකයට හඳුන්වා දෙන්න​.

හොඳ කියන දේ ඕනෑම නරක දෙයක් තුලින් මතුවෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට කාලයටත් පොඩ්ඩක් විතර ඉඩදෙන්න වෙනවා ඒ හොඳ මතුකරල දෙන්න​. කවදාවත් ඔබේ හැකියාවන් අවතක්සේරුකරන්න එපා. ඔබ ඔබවම දුකතුල සිරකිරීමෙන් ඉදිරිගමනට බාධා ඇතිකරගන්නවා වෙන්න පුළුවන්. යන්න​, ගිහින් ඔබ කරන්න මඟබලාගෙන හිටිදෙයක් කරන්න​. එක්කෝ පොඩි විනෝදගමනක් යන්න​. ඔයාගේ ඔළුව කෙලින්තියාගෙන වැඩකරන්න​.


8. පිටත බලන්න​, එලියේ ගොඩක් දේවල් තියනවා.

ඔබ දෙදෙනා අතර  අනන්‍ය දේවල් තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඒකෙ තේරුම ඔබට ගැලපෙන වෙන අය නැහැයි කියන එකම නෙවී. අනාගත සහකරුට ඔහුගේම කථාවක් තියෙන්න පුළුවන්, ඔබ කැමති විදියේ.

9. ඉගෙනගන්න​, එය ඔබේ අනාගත සබඳතා සඳහා යොදාගන්න​.

අපි අපේ පරණ සබඳතාවයෙන් යමක් ඉගෙන නොගත්තානම්, අපි පරණ රටාවම ප්‍රතිනිර්මාණය කරනවා වෙන්න පුළුවන්. එය කොයි විදියට ඉවරවුණත් පාඩම හොයාගන්න අපි දැනගන්න ඕනා. එතකොටයි අපි අත්දැකීම් වලින් පරිපූර්ණවෙන්නේ.

ඉතින් යාළුවනේ, ජීවිතේට වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇතියි කියල හිතනවා. ආයෙත් දවසක හමුවෙමු.





සියපත්.

 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment