Mountain View

මගහැරුණු කැමරාව





 “ඒ බං, උඹ ෆේස් බුක් දාල තියෙන අර ෆොටෝස් කන්දරාව කාගෙ ඒවද“
 “මොන?“
 “අර බං හෝටන් ප්ලේන්ස්.......ඊට පස්සෙ කොත්මලේ තව ඔය එක එක තැන්වල කරපු ලස්සන ලස්සන ඇල්බම් ගොඩක් තිබ්බෙ බං.“
“ආ ඒවද........“ “ඒව තමයි...
අගේ නොකර කිහහංකො බං. කවුරු ගනිපුවද?“
“වෙන කවුරුවත් ගනිපුව මං මොකටද බං මගේ එකේ දාන්නේ?“
 “අඩෝ මුගේ ලොකු ලයින්. ඒ තරං තද වෙන්න මං මුකුත් ඇහුවෙ නෑනේ.....
තියාගෙන වාඩි වෙයන් උඹෙ මහ ලොකු ෆොටෝ“ . . . . .
 “.........සොරි බං. ඒ ගැන ඇහුවම මගේ මූඩ් අවුට් ගියා“
“හා හා ඒක අමතක කරල දාපන්.......
.අඩෝ....උඹ අඬනවද බං මේ?“
“..ආහ්.... න්....නෑ මචං. පිස්සුද?“
 “අඬන්නෙ පිස්සුවට නෙවෙයි කියල මං දන්නව මහත්යෝ.
මොකක් හරි අවුලක් නං මට නොකිය ඉන්නෙපා හොඳේ“
 “නෑ. එහෙම එකක් නෑ“ “එහෙම එකක් නැත්නං. මට තේරෙන් නෑ මෙච්චර වෙලා ආතල් එකේ හිටපු කොල්ල ෆොටෝ ගැන ඇහුව ගමන් මූඩ් ගැහුවෙ ඇයි කියල.
 මං ඉතින් කේස් එකක් තියෙනව කියල දන්නෙ නෑනේ. අනික මං දන්න තරමින් උඹ ෆොටෝග්‍රැෆි කරන්නෙත් නෑ. එහෙම ෆොටෝ ගන්න උඹ ලග ඩී එස් එල් ආර් එකක් තියා සයිබර් ෂොට් එකක් වත් නෑ. ඒ නිසා මං ඇහුවෙ ඉතින්. ෆොටෝ ගැන ඇහුවම ඔච්චර අවුල් නම් ඒව ඩිස්ප්ලේ නොවෙන්න  දාපන්.
..............
එනිවේ මචං....ඒක අමතක කරල දාමු“
 “මං පොඩ්ඩක් අවුල් වුණා බං. ඇත්තටම මං කැමති නෑ ඒ ගැන අහනවට. ඔව ඔක්කොම මං ගනිපුව තමයි. ඒ දැන් අවුරුදු 3කටත් කලින්. ඒව ඩිස්ප්ලේ වෙන්න දාල තියෙන්නෙ එක්තරා හේතුවක් නිසා.“
“එනිවේ මචං. ඉට්ස් ඕකේ.........උඹේ කැමැත්තක්. අපි ඒක අමතක කරමු“
“නෑ මං උඹට ඒකට හේතුව කියන්නම්. උඹ මගේ බොක්කනේ ඉතිං“
 “ඒකට හේතුව කියන්න ගිහින් පරණ කතාත් කියන්න වුනොත්, උඹ ආපහු මූඩ් ගහවි බං. මං ආස නෑ ඇත්තටම උඹ ඔහොම දුකෙන් ඉන්නවට.“ '
“සිරාවටම ?“ “සිරාම තමයි බං“ “කමක් නෑ.... එහෙම වුනොත් මං ඒ පරණ කතාත් උඹට කියන්නම්“ “සිරාවටම කියනවද ?“

“කැමර් එක නැතිවෙන්නට කලින් දවසෙ කඳවුරේ ඇක්ටිවිටීස්වල ගත්ත ෆොටෝස් ටික මං ලැප් එකට දාගත්ත. ඒව තමයි ඔය. නැතිවෙච්ච දවසේ තමයි එයා එයාගෙ අල්ලෙ ෆොන් නම්බර් එක ලියල පෙන්නුවෙ. මං ඒකෙ ෆොටෝ එකක් ගත්ත. ඊට පැය ගානකට පස්සෙ කඳවුර විසිර යද්දි අන්තිමට ගියේ අපේ ටීම් එක. යන්න බලද්දි කැමර් එක මිස්ප්ලෙස් වෙලා “

 “හරි උඹේ කතාවෙ හැටියට උඹ ෆේස් බුක් එකට අර ෆොටෝස්ටික දාල තියෙන්නෙ කවදක හරි වැරදීමකින්වත් අර ෆොටෝස්ටික උදිතට පෙනුනොත් කියන බලාපොරොත්තුවෙන් නේ. උඹ මට ඔය කතාව අවුරුදු දෙකක් තිස්සෙ කිව්වෙ නැත්තෙ ඒ නිසාද?“

 “ම්.......ඔව්“ “බැරි වෙලා හරි එහෙම පෙනුනොත් ඒ කොල්ල උඹව හොයගෙන එනවමයි කියල විශ්වාසද?“ “ඔව්“
 “එහෙම විශ්වාස කරන්න එපා බං“ “ඇයි විශ්වාස කරන්න එපා. බැරි වෙලාවත් එහෙම ආවොත් උඹට ඉරිසියයිද?“
“පිස්සු. එක දවසක් දැකල පැය ගාණක් විතරක් ආශ්‍රය කරල කොහොමද බං කොල්ලකේ විශ්වාස කරන්නෙ“ “ඇයි බැරි. මං එක දවසක් විතරක් දැකල විනාඩි ගාණක් විතරක් කතා කරල පුදුම විශ්වාසයක් හිතේ හදාගෙන එකෙක්ව හොඳම යාළුව කරගත්තෙ“
 “මොකක්? ඒ කියන්නෙ උඹට මට වඩා හොඳ යාළුවෙක් ඉන්නවද?“ “නෑ“ “එහෙනම් කිව්වෙ විශ්වාසවන්ත එකෙක් ඉන්නව කියල“ “උඹ ගැන තමයි ඒ කිව්වෙ“ “සිරාවටම?“ “සිරාවටම තමයි“ “අනේ පලයන් ජෝක් නොකර.
උඹට ඒ දවස්වලත් මං විශ්වාසවන්තම යාළුව නම් ඇයි උඹ ගේද කියල මං අහද්දිත් ඒ දවස්වල නෑ කියල කිව්වෙ“ “උඹ ගේ කියල මං දන්නෙ නැති නිසා.“
 “මොකක්? උඹ කියන්නෙ මං ගේ කියලද?“ “ඔව්.“
 “කොහොමද එහෙම කියන්නෙ“ “මං ඒක දැනගත්ත විදිහෙන් වැඩක් නෑ. මං කිව්වෙ බොරුවක් ද කියල විතරක් කියහන්“
 “හරි . ඒක ඇත්ත. ඒත් මං...............“ “හරි හරි.. උඹ කියන්න උත්සාහ කරන්නෙ උඹ ගර්ලිෂ් ටයිප් නෙවෙයි. ඒක නිසා උඹ ගේ වෙන්න විදිහක් නැහැ. උඹට තියෙන්නෙ ලෙඩක්. ඒකට බොහෙතක් කලාම හරි. උඹ අත උඩින්ම කොල්ලන්ට විතරක් කැමතියි කියන එක හිත යටින්ම හංගල දාන්න ඕන කියලනේ.“

“.................ම්.................“ “කල්පනා කරන්න දෙයක් නෑ. මොකද උඹ ඔය ටිකම මං ගැනත් ඔය විදිහටම කියල තියෙනවනේ. කොල්ලෙක් වැඩිපුරම කැමති හරි සම්පූර්ණයෙන්ම කැමති හරි කොල්ලන්ට නම් ඌ නියම කොල්ලෙක් විදිහට හරි ඔය කියන මොකෙක් විදිහට හරි හැසිරුනත් ඒක මානසික ‍ලෙඩක් විදිහට හිතන්න එපා බං.“
 “ඇයි උඹ මට ඕක හැමදාම කියන්නෙ?“
 “හැමදාම කියන්නෙද? බූරු වහන්සෙ.......... මගේ හිතේ උඹ ගැන මොකද්දෝ කැක්කුමක් තියෙන හින්ද“ “ඇයි ඉතින් උඹේ හිතේ මං ගැන කැක්කුමක් තියෙන්නෙ“
 “ම........මං........... මගේ........“
 “ඇයි ගොත ගහන්නෙ. කියපන්කො ඉතින්?“
 “න්.....නෑ.........එහෙම විශේෂයක් නෑ“
 “නැත්තෙ නෑ. උඹ මට ආදරෙයි. උඹ ඒක කියන්නෙ නෑ. ඇත්ත කියපන් උඹ මට ආදරෙයි නේද?“

 “මොනවද බං මේ අහන්නෙ“ “බබා වෙන්න එපා මහත්යෝ..........ඒක නේද ඇත්ත“
 “මං යන්නෝන. අදත් පරක්කු වුනොත් හොරණින් බස් එක මගඇරේවි.“
“යන්න.....ඇහැට පේන්නවත් නැති මිනිහෙක් ගැන බලාපොරොත්තු හිතේ පුරෝගෙන හැමදාම ඔහොම යන්න....හැමදාම වහෙන් ඔරෝ අහපු දේ ඔන්න අද මං ඔයාගෙ මූණටම ඇහුවා. ඔහොම මග අරල ගියොත් අදට හොරණින් බස් මගහැරෙන්නෙ නැතිවුණත් ජීවිතේට ගොඩක් දේවල් මගඇරෙන්න පුළුවන්.................

මෙහෙම කනට කරල ඒ ටික කිව්වෙ අනිත් අයට ඇහෙයි කියල නෙමෙයි. ඔයාගෙ හදවතට මගේ ආදරේ දැනෙන්න ඕන නිසා.
 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

“මොකද පුතේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ“
“මුකුත් නෑ අම්මෙ“
 “මං උඹේ අම්මා. මුකුත් නැත්නම් මං අහන්නෙ පුතේ මුකුත්ම කල්පනා නොකරන්නෙ ඇයි කියල. මොකද කිසිම කෙනෙකුට කල්පනා කරන්න මුකුත්ම දෙයක් නැති වෙන්න විදිහක් නෑ“
“අපෝ අම්ම ඉස්කෝලෙදිත් උගන්නන ළමයින්ට ඔහොම පන්ඩිත කතා කියනවද?“
“ම්හ්.........උඹේ වයස ගැන මං දන්නවනේ. ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“
 “මොකද්ද අම්මෙ ඒ කතාවෙ තේරුම“
 “ලොකු තේරමක් නෑ පුතේ. මූදු රළ එන්නෙ වෙරළ සීමාවට විතරයි. ඒක අපි හොයාගෙන යන්නෝන. හැබැයි හුළග අපි ළටම එනවා. වෙරළ ළඟට අපි ගියත්., හුළඟ අපි ළඟටම ආවත් ඒ දෙකම වැඩි වෙලාවක් අපි ළග රැඳෙන්නෙ නෑ පුතේ. වෙරළට අපි ආස නිසා එතනට යනවා. හුළඟ සැප නිසා ඇස්දෙක පියාගෙන විඳිනවා. ඒ දෙකම බොහොම තාවකාලිකයි“
 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

“අඩෝ.........මං ඔයා එනකං බලං හිටියෙ සුදූ.....“
“පලයං පලයං....මෙතන ලව් කරන්නැතුව. වටේ එවුන්ටත් පෙනේවි බං“ “උඹ අද ලස්සනයි. කන්න හිතෙනවා.“ “සිරාවටම?“
“අනේ වස්තුවේ. මං මක්කැටෙයි බොරු දොඩවන්නේ?“
“ඊයා......තනිකර ගොඩේ....
 උඹට මාව කන්න විතරමද හිතෙන්නෙ?“
“නෑ............තව කන්න දේවල්.....ගොඩක් හිතෙනවා.“
“අද මොකද මේ........ උඹ මෙච්චර රඟන්නෙ?“
 “ආ..ඒකද? මෙන්න මේකයි......මට ඉන්වනේ හොඳම හොඳම යාළුවෙක්.“
 “හා.....ඉන්නව කියමුකෝ .......ඉතින්?“
 “අන්න ඌ, ඊයේ උගේ පරණ ගොනෙක් විකිනුවනේ.“
 “මොකක්?“
 “ඔවු ඔයා දන්නෙ නෑනෙ සුදු. එයා ඒ ෆොටෝස්ටික ඩිලිට් කරලනේ“
“පිස්සෙක්. ඉතින්?
 ඩිලිට් කරා තමයි“ “ඒ කියන්නෙ ඌ අතීයට අයිති එකෙක් දිහා දැන් බලන්නෙ නෑ කියන එකනේ“ “උගේ දිහා නොබැලුවට ඌ වෙන එකෙක් දිහා බලන්න තීරණය කරලලු.“
“මොකාක්? සිරාවටම.“ “ඔවු. දැන් ඌ අලුතෙන් ගත්තු කැමරාවෙන් ඒ බලපු එකාගෙ ෆොටෝ එකකුත් ගන්නලු යන්නෙ“
 “අඩෝ පට්ට බං. උඹ අලුත් කැමර් එකක් ගත්තද. ඒ කියන්නෙ උඹ ආයෙත් ෆොටෝ ගහනවා. මරු........................ඒත් උඹෙන් මං මේ තරම් අහද්දිත් උඹ ඇයි වෙන කාගෙවත් දිහා බලන්න යන්නෙ ඇත්තටම?
“ අය්යෝ උඹ අඬන්න හදනවනේ“
 “අඬන්න හදනව නොවෙයි...... කමක් නෑ....කියපන්..කියපන් කොල්ලෝ.....එතකොට උඹ කාගෙ ෆොටෝ එකක්ද දැන් ගන්න යන්නෙ.?“
 “වෙන කාගෙද ඉතින් උඹේ මිසක්.“
 “ආ.............මගේ? ඒ කියන්නෙ............“
“ඔව් උඹේ තමයි.

වෙන කවුද ඉතින් ඒ උඹම තමයි.“
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment