Mountain View

අපේ ලිංගිකත්වය 3: And They lived happily ever after

ප්‍රීතිමත්, සෞඛ්‍ය සම්පන්න​, දිගුකල්පවතින​, සාර්ථක Gay relationship එකක්. බය හිතෙනවා වගේද​? සමලිංගිකභීතිකාවෙන් පෙලෙන​, අපිව කොන්කරන​, අපේ සමාජය කවම කවරදාකවත් ඒක එහෙම වෙන්න දෙන එකක් නැහැ වගේ හිතෙනවද​?


නමුත් අපි ඉන්න මේ ලෝකෙම සමහර කොටස්වල මේ දේවල් වෙනස්වීගෙන යනවා. තව දෙයක්? අපේ සමාජය තුල විෂමලිංගික සම්බන්ධතාවයක් ශක්තිමත් කරන්න බාහිර සාධක ගොඩක් බලපානවා. නෑදෑයෝ, යාළුමිත්‍රාදීන් ඒ සම්බන්ධතාවය ශක්තිමත් කරල දුන්නත් සමලිංගික අපිට ඒ භාග්‍ය එක්තරාදුරකට අඩුයි. ඒ වගේම gay community එකක් විදියට අපිට ආකෘති නැහැ සාර්ථක gay relationship වලට. 

පිරිමි විදියට අපි අපේ පිරිමිකම එක එක විදියට අර්ථදක්වනවා. නමුත් ඒ අර්ථදැක්වීම් කොපමණ දුරකට සාර්ථකද කියන්න අපි දන්නේ නැහැ. සමහර වෙලාවට පිරිමි දෙන්නෙක් කුළුපග​, හැඟුම්බර සබඳතාවක් බලාපොරොත්තු වෙන අවස්ථාවකදී, ඒ වගේම එහෙම සම්බන්ධතාවක් ගොඩනඟාගත්තට පස්සේ අපේම මට්ටමේ කොන්කිරීම්, පීඩනයන් එන්න පුලුවන් අපේම Gay community එකෙන්. අන්න ඒ වෙලාවට දැනෙන්න පුළුවන් අපි ආරෂාකාරී කියල හිතුවට අපේම කට්ටියගෙනුත් අපේ සම්බන්ධතාවට උදව්වක් නැහැ නේද කියලා. මේ ඔක්කොම නරක බලපෑම් අපිට එල්ලවෙද්දිත් අපි හීනමවනවා අපේ ජීවනසහකාරයත් එක්ක ලස්සන ජීවිතයක් ගතකරන්න​. ගෙදර ලස්සනට තියාගෙන​, ලස්සන සැමරුම් ජීවිතයට එකතු කරගෙන .

ඇත්තටම අපි කල්පනා කරල බැලුවොත් කලින් කීව නරක බලපෑම් අපි අපේ ජීවිතයට බාධාවක් කරගන්න ඕනෙද​? නැද්ද​? ඒ වගේ බලපෑම් අපිට ජීවන ඉලක්කයන් හිමිකරගන්න​, පීඩනයන්ට ඔරොත්තුදෙන්න​, උදව්වක් කරගන්න එක නේද කරන්න ඕනා? ලෝකේ gay couples ඉන්නවා සතුටින්, සාර්ථකව​. එයාලා එයාලගේ හීන හැබෑ කරගෙන තියනවා. ඒත් ඒ කොහොමද​? මොනවද සාර්ථක gay relationship එකකට ඕනකරන අමුද්‍රව්‍ය​? ඔන්න ඔය ගැන තමයි අද අපි කතාකරන්න හදන්නේ. ලෝකේ කොහේවත් කිසිම සමීකරණයක්, සූත්‍රයක්, සංයොජනයක්, සැලැස්මක් නැහැ, සාර්ථක gay relationship එකක් මෙන්න මේ විදියටයි පවත්වාගෙන යන්න ඕනෙ කියලා. Gay couple එකක් වෙන එකේ චමත්කාරජනක අත්දැකීමක් තමෛ සම්බන්ධයට අදාල අර්ථදැක්වීම්, යුතුකම්, වගකීම් එයාලටම හදාගන්න පුළුවන් වෙන එක​. එක් එක් gay couples එයාලටම විශේෂිත වූ සම්බන්ධයක් ගොඩනඟාගන්නවා. පහතින් විස්තර කරන්නේ ශක්තිමත්, ක්‍රියාකාරී, ආදරණීය සම්බන්ධයකට උපකාරීවන කරුණුකීපයක් විනා නීති පද්ධතියක් නම් නෙවේ. සාර්ථක Gay Couples වලින් මේ ලක්‍ෂණ 10න් සමහරක් දැකගන්න පුළුවන්. 

 1. ඔවුන් සමාන රුචි අරුචිකම්, සමාන අදහස් සහිත ජීවනදර්ශනයක් දරනවා. සහකරුවන් දෙදෙනෙක් අතර සමාන රුචිකත්වයන්, සමාන විනෝදාංශ තියන එක ඒ දෙන්නා අතර අත්දැකීම් වැඩිකරගන්න හොඳ හේතුවක්. ඒත් ඒ වගේම පොඩි පොඩි වෙනස් රුචිඅරුචිකම් තියෙන්නත් ඕන​. මොකද එකම විදියේ ආකල්ප එක්ක ඉන්නව කියන්නේ එක විදියකට හරි boring වැඩක් නේ. පොඩි උදාහරණයක් කීවොත් මම සහ මගේ BF දෙන්නාම ඡායාරූපකරනයට උනන්දුයි. ආගම සම් බන් ධයෙන් දෙන්නටම තියෙන්නේ එකම විදියේ ආකල්ප​. හැබැයි දේශපාලනය ගැන කතාකලොත් නම් ඉතින් යුද්ධෙ හොඳයි. නමුත්? හාත්පසින්ම වෙනස් ජීවන දර්ශනයක් තියනවා කියන්නේ හැම වෙලේම යුද්ධතමයි. ගස් උඩ ඉන්න වඳුරෙක්ටයි, පොළව යට ඉන්න බිංකුණ්ඩෙක්ටයි ආදර සබඳතාවක් තියාගන්න අමාරුවෙයි නේද​? 

2. විවෘතව එකිනෙකා සමඟ සන්නිවේදනය කරනවා වගේම එකිනෙකාගේ ජීවිත සමඟ බැඳී ජීවත්වෙනවා. ඇත්තටම කීවොත් අවංකව, කෙලින් කථාකරන්න මේක ගොඩක් වැදගත්. සහකරුට පුළුවන් ඔවුන් ගේ නිවහන දෙදෙනාටම සුරක්‍ෂිත සහ සුවපහසු තැනක් බවට පත්කරන්න​. ඇහුම්කන් දීම මූලික හැකියාවක් වෙනවා වගෙම එකිනෙකා සම්බන්ධතාවය තුල ක්‍රියාකාරී සහභාගීත්වයක් ඇතිකරන්නත් හේතුවෙනවා. ප්‍රශ්න තියෙන්නේ ගේ මුල්ලේ හංගලා තියාගෙන විඳවන්න නෙවි. ඒව පුළුවන් තරම් ඉක්මනට සුදුසු ආකාරයකින් විසඳගන්න ඕනා.

 3. අර්බුද ඵලදායීව කළමණාකරනය කරගන්නවා. සෞඛ්‍යසම්පන්න gay couples , අර්බුද අනාරාධිත නමුත් සම් බන් ධතාවයේ සාමාන්‍ය කොටසක් විදියටයි හඳුනාගන්නේ. ඔවුන් මේ ගැටුම්කාරී අවස්ථා ඔවුන් ගේ සබඳතාවය වර්ධනයට හා සුභවාදී වෙනසක් ඇතිකිරීමට ලබාදෙන අවස්ථාවන් විදියට සලකනවා. තරහව සංයමයකින් පාලනය කරනවා. සිත් රිදවන අදහස් දැක්වීම්, බැණ වැදීම් වලින් හැකිතාක් වැළකීසිටිනවා. දෙදෙනාගේම යෝජනා, චෝදනා තේරුම්ගැනීමට කාලය ලබාදෙනවා. මේ හැමදෙයක්ම අවසානයේ දෙදෙනාටම ජයග්‍රහණය ලබාදෙමින් අවසන් වෙනවා. ඔවුන් සමථයට පත්වීමට විවෘතයි වගේම දෙදෙනාගේ වෙනස්කම් කථාබහ කර විසඳාගැනීමට කැපවීසිටිනවා. 

4. එකිනෙකාගේ (individual identity) සහ දෙදෙනාගේම අනන්‍යතාවයන් (couple identity) සමථයකට පත්කරගතහැකි ආකාරයේ සමබර ජීවනක්‍රමයක් දැරීම​. Relationship එකකදී, සබඳතාවය පෝෂණයකරනවා වගේම එකිනෙකාගේ පුද්ගලික රුචි අරුචිකම්වලට අවස්ථාව ලබාදීමත් වැදගත්. ඕනෑවටත් වඩා දෙදෙනාගෙම අනන්‍යතාවයක් පවත්වාගැනීම සහකරුවන් දෙදෙනාටම හිරගෙදරක ඉන්නව වගේ හැඟීමක් ඇතිකරවන්න පුළුවන්. ඕනෑවටත් වඩා පුද්ගල අනන්‍යතාවයක් පවත්වාගැනීම දෙදෙනා අතර සම්බන්ධය අඩුකරනවා වාගෙම නිකන් කාමර සගයන් වගේ හැඟීමක් ඇතිකරවාවි. අන්න ඒ නිසා මේ දෙකම සමබරකරගැනීම වැදගත්. මම යාළුවොත් එක්ක day out එකකට යනකොට මගෙ BF ට එන්න විදියක් නැත්නම්, මට සතියක training එකකට යන්න ඕනවුනොත් එයා මගේ ගමන අවහිර කරන්නේ නැහැ. හැබැයි එහෙම කියල මම අනවශ්‍යගමන් දාගන්නව නම් එතනදි මම වැරදියි නේද​? ඒ වගේ එක් එක් සහකරුවාට අනෙකාගේ සහයෝගය ඔවුන් ගේ පුද්ගලික සංවර්ධනයට වගේම බලාපොරොත්තු (personal goals) ඉටුකරගැනීමටත් වැදගත්.

5. විනෝදයෙන් ජීවත්වෙනවා වගෙම හැමදෙයක්ම ඕනවට වඩා බරපතලව ගැනීමෙන් වැළකීසිටිනවා. ජීවිතය අසහනකාරී වෙන්න පුළුවන්. ඒත් ඇයි අපි අපේ චරිත රළු කරගෙන තවත් අළුතින් ආතතියක් එකතුකරගන්නේ? සාර්ථක යුවලවල් එකිනෙකා සමඟ විනෝදකාමීව​, සෙල්ලක්කාර විදියට ජීවත්වෙනවා, කිතිකවමින්, විහිළුතහළු කරමින්, අවුස්සමින් ශක්තිජනක හැඟීම් ඇතිකරගන්නවා. හැමදෙයක්ම ආදරණීය විදියට සිද්ධවෙනවා වගේම පරිසරය සිනහවෙන්, ප්‍රීතියෙන්, සැමරුම්වලින් පිරී ඉතිරී යනවා. 

6. සරාගී විභවයන් එකිනෙක හමුවීම සඳහාවන හැඟීම් දනවනසුළු ලෙන්ගතුකම් වින්දනය කරනවා. රීතිමත් යුවලවල් ස්පර්ශකිරීම්, ආදරණීය ප්‍රියතෙපුල්, අත්පටලාගෙන සිටීම්, හුරතල්කිරීම් ආදී ලිංගික නොවන ආකාරයෙන් සෙනෙහස විඳිනවා වගේම සරාගී ලිංගික සබඳතාවයන්ගේ වැදගත්කමත් හඳුනාගන්නවා. නිරන්තර ආස්වාදජනක සැසිවාරයන් ඔවුන්ගේ සරාගී අවස්ථාවන් ශක්තිජනක හා වින්දනීය හෝරාවන් බවට පත්කරනවා. 

7. සම්බන්ධතාවයට ගරුකරන ආකාරයේ සහයෝගී නෑදෑ හිතමිතුරු ජාලයක් පවත්වාගන්නවා. සහයෝගී, උනන්දුකරවන​, ආදරණීයයන් පිරිසක් සිටීම ඔවුන් ගේ සබඳතාවය වෙනුවෙන් කැපවීම සඳහා ලොකු පිටුවහලක් වෙනවා. ඇත්තටම ඒක වචනයෙන් කියන්න බැරි අන්දමේ හැඟීමක්. සමහරවිට අපේ වගේ රටක මේක ප්‍රායෝගික නැහැ කියල අපිට හිතෙන්න පුළුවන්. නෑදෑ කෙසේ වෙතත් හිතමිතුරු පිරිසක් හදාගන්න එක නම් මම හිතන්නේ නැහැ අද කාලේ අමාරු වැඩක් කියලා. 

8. තමන්ගේ ලිංගිකත්වය සුවපහසු විදියට සලකනවා වගේම එය අන් අයට ප්‍රදර්ශනයවීම ගණන්නොගෙන සිටිනවා. ලිංගික අනන්‍යතාවය සමලිංගික භීතිකාව වගේ දේවල් සම්බන්ධතාවයක් බිඳහෙලන්න පවා පුළුවන්. නමුත් සාර්ථක සහ විශ්වසනීය gay couples ඔවුන්ගේ සබඳතාවය සුවපහසුලෙස සලකනවා. සුපර් මාර්කට් එකකදි ෂැම්පූ එකක් තෝරගන්න බැරිව වාදකරද්දි වගේම විවිධ ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයන් සහභාගීවන උත්සව ආදියේදි පවා ඔවුන්ට ප්‍රමාණවත් ආරක්‍ෂාකාරී හැඟිමක් ඇතිවෙනවා. මේකත් එක්ක ඔයාලා මමත් එක්ක කොච්චර එකඟ වේවිද කියල මම දන්නෙ නැහැ. ඒත් අවබෝධය සහ බුද්ධිය තියනවනම් මේ හැමදෙයක්ම ජයගන්න පුළුවන් කියලයි මම නම් හිතන්නේ. ඒ වගේම නිදහස් හැඟීමෙන් ජීවත්වෙන්නත් මෙය ඉවහල් වෙනවා. 

9. පහත ලක්‍ෂණ ඔවුන් ගේ සබඳතවය තුල ප්‍රදර්ශනය වෙනවා: විශ්වාසය​, අනොනන්‍ය සහභාගිත්වය සහ සහයෝගය​, විවෘතභාවය​, එකිනෙකාට ගරුකිරීම​, නම්‍යශීලීබව​, අවංකකම​, පක්‍ෂපාතීත්වය​, කැපවීම​, ලැදියාව​, සංවේදිබව​, විනිශ්චය නොකරන ආකල්ප​, ආදරණීයබව​, තම හැඟීම ප්‍රකාශකිරීමට නොපැකිලීම​, ආදිය​.... මේවා සාර්ථක සබඳතාවයක නිශ්චිත ලක්‍ෂණ විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් සමලිංගික පිරිමි තුල බල අරගලය (මම තමයි ලොක්කා වගේ හිතන එක​)), තරඟකාරීත්වය​, වටපිටාවේ පවතින කුළුපග මිත්‍ර සබඳතා ආදිය ඔවුන් ගේ සම්බන්ධය අනතුරේ හෙලන්න ඉඩකඩ තියනවා. මොකද දෙන්නම පිරිමින් නිසා මේ වගේ තත්වයක් ඇතිවීමේ ඉඩකඩ වැඩියි. සාර්ථක යුවළවල් මේ දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නවා වගෙම ඉහත මාතෘකාවේ ලක්‍ෂණ දරමින් ඒ ප්‍රශ්න විසඳගන්නවා. 

10. එකිනෙකා සමඟ ජීවත්වීම උසස්කොට සලකනවා වගේම එකිනෙකා තමන් ගේ ප්‍රදානයක් අයිතිවාසිකමක් ලෙස නොසලකාසිටිනවා. සාර්ථක gay couples කාර්‍යබහුලත්වය ලේසියෙන්ම ඔවුන් ගේ සබඳතාව බිඳදැමීමට සමත් වෙනවා කියල අවබෝධ කරගෙන සිටිනවා. ඒත් ඔවුන් ඊට ඉඩදෙන්නේ නැහැ. ඔවුන් එකිනෙකා සමඟ ගතකිරීමට කෙසේ හෝ කාලය වෙන්කරගන්නවා. ඉඳලා හිටලා රාත්‍රී කෑමකට එලියට යන්න​, ෆිල්ම් එකක් බලන්න යන්න​, කාලය යොදවනවා. මේක දෙදෙනා සමඟ ආකර්‍ෂණය නොවෙනස්ව පවත්වාගැනීමට වැදගත්. ඒ වගේම ඔවුන් වචනයෙන් සහ ක්‍රියාවෙන් තමන්ගේ සහකාරයව අගයකිරීමටත් අමතක කරන්නේ නැහැ. 

-අන්තර්ජාලයේ පලවූ ලිපිකීපයක් ඇසුරෙනි-

 ඉතින් ඔන්න මම අද දිග ලිපියක් ලිව්වා ඔයාල වෙනුවෙන්. ඔයා, ඔයාගෙ සහකාරයා කොහොමද ජීවත් වෙන්නේ? මේ සාර්ථක සම්බන්ධතාවයන් වල එක්තරා ලක්‍ෂණ කීපයක් විතරයි කියල හොඳට මතකතියාගන්න​. ඔයා සහ ඔයාගෙ සහකාරයට බාරයි ඔයාලගේ නිර්වචනයන් සහ පරාමිති ඇසුරෙන් ඔයාලගේ ඔයාලට අනන්‍ය සම්බන්ධතාවයක් ගොඩනඟාගන්න එක​. මේ කරුණු කාරණා ඔයාලගේ ඒ සබඳතාවය වර්ධනය කරගන්න උදව්වක් උපකාරයක් වේවි කියලා සියපත් හිතනවා. කියවනවා වගේම මම ලියන ඒවට ඔයාලගේ අදහසුත් එකතුකරල යන්න අමතක කරන්න එපා. තව ලියන්න ඒක මට පිටුවහලක් වේවි ආයෙත් දවසක හමුවෙමු. 

 ~සියපත්~
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment